අද සවස 6.04 ඉන්දියාවේ චන්ද්‍ර යානය සඳ මතට

ඉන්දීය චන්ද්‍රයාන් -3 යානය ඉන්දීය වේලාවන් අද සවස 6.04ට සඳ මතට ගොඩ බෑමට නියමිතය.

මෙම ඓතිහාසික අවස්ථාව මදුරාසියේ ජනතාවට සජීවිව දැක ගැනීමට අවශ්‍ය පහසුකම් එහි සුළු ජාතීන් සදහා වූ සුබ සාධක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉන්දිරා ගාන්ධි ග්‍රහලෝකාගාරය අද පෙරවරු 10.30 සිට දහවල් 12.30 දක්වා සඳ ගැන වැඩමුළුක් සංවිධානය කර ඇත.

එහි දේශනය දුරස්ථ සංවේදන පිළිබද විද්‍යඥ ආචාර්ය අනිරුද් උනියාල් විසින් පවත්වනු ලබයි. සඳ මතට චන්ද්‍රයාන්-3 සාර්ථකව ගොඩ බසිනු ලැබුව හොත් ඇමෙරිකාව සහ රුසියාවට පසු සඳ මතට මෘදු ගොඩ බෑමක් සිදුකළ තෙවැනි රට බවට ඉන්දියාව පත්වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?