AFC Banner
AFC Banner
Empty Ad

අද සවසත් දිස්ත්‍රික්ක රැසකට වැසි

සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට අද (25) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කළේ.

සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක අද (25) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දන්වා සිටින්නේ.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?