යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙකුට අද රාත්‍රී 7 පමණ අහුන්ගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය කියයි
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි විසි නව හැවිරිදි පුද්ගලයෙකි
බරපතළ තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත
මියගිය පුද්ගලයා දරු දෙදෙනා සමග යතුරු පැදීයේ යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර දරු දෙදෙනා යතුරු පැදියෙන් බිමට වැටීමෙන් තුවාල ලබා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත
වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැත
අහුන්ගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි













