අද මධ්‍යම රාත්‍රියෙන් පසු දුම්රිය නෑ

සියලු දුම්රිය ස්ථානාධිපතිවරු අද(12) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

කොවිඩ් වංසගතයෙන් ආරක්ෂාවීමට දුම්රිය කාර්ය මණ්ඩලවලට සෞඛ්‍ය පහසුකම් ලබානොදීමට විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වේගයෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වුවද ක්‍රමවත් නිරෝධායන වැඩපිළිවෙළක් නොමැති වීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට පත්ව තිබීම, සෞඛ්‍ය ආරක්‍ෂිත ද්‍රව්‍ය ඉක්මණින් ලබානොදීම සහ ඒවායේ ගුණාත්මකභාවය සඳහා කටයුතු නොකිරීම, නිරෝධායන මධ්‍යස්ථානයේ පොදු බව නොමැතිවීම සහ ස්ථාන මාරුවලට බාහිර වෘත්තීය සමිති මැදිහත් වීම යන වෘත්තීය ගැටලු ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ මෙම වර්ජනයට හේතු වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?