අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව කල් තබමින් ගැසට් නිවේදනයක් ?

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව කල් තැබීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සදහා වන නියෝගය ජනාධිපතිවරයා විසින් ලබාදීමෙන් පසුව අද මධ්‍යම රාත්‍රියේදී ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින අතර ගැසට් අංක 2316/48 යටතේ යි මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සුදානම් කර ඇත්තේ.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව විශේෂ කාර්යයන් සඳහා පත් කරනු ලබන කාරක සභා, අක්‍රීය වනවා.

නව සැසි වාරයක් ආරම්භ කිරිමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, අධීක්ෂණ කාරක සභා, සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත්කළ යුතු යි.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව, ගෘහ්‍ය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව සහ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව යන කාරක සභා නැවත පත් කළ යුතු වනවා.

පාර්ලිමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ රාජසන කතාවකින් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?