අද දිනයේ මීටර් 100ට වැඩි තද වැසි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි අද (27) දිනයේ මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාමිණි දිසානායකගේ පිළිරුවට සජිත් පුෂ්පෝපහාර දක්වයි
01:11
Video thumbnail
රෝහකලට ඇතුළු වූ වන අලියා - මිනිස්සු පණ බේරාගන්න හතර වටේ දුවයි
01:21
Video thumbnail
මහජන නියෝජිතයින්ගේ හැසිරීම.. කියලා වැඩක් නෑ
01:17
Video thumbnail
පස්සර බස් අනතුරින් අවසන් ගමන් ගිය ඥාතීන් සිහිකර ඉටිපන්දම් දල්වයි
03:58
Video thumbnail
සහල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරකට මුහුණදෙයි
01:02
Video thumbnail
ජනපතිගේ කතාවට චාමර සම්පත්ගෙන් සැර පිළිතුරක්
15:06
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
08:05:02
Video thumbnail
රටේම කතා බහට ලක්වුණ තෙල් අවුල ඇතිවුණේ කොහොමද ? මෙන්න ප්‍රබල හෙළිදරව්වක්
10:16
Video thumbnail
දයාසිරිගෙන් ආණ්ඩුවට උපදෙසක් - රට ගිනි ජාලාවකට අරන් යන්න ඉඩ දෙන්නේ නෑ
11:28
Video thumbnail
යුද්දේ කාලයේ ඉන්දියාවට ගිය ඕන ශ්‍රී ලාංකිකයෙක් එන්න ලංකාවට..අපි අත් දෙකෙන්ම භාරගන්නවා
04:53