AFC Banner
Empty Ad
Empty Ad

අදත් විටින් විට වැසි – නාවික ප්‍රජාවටත් දැනුම්දීමක්

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද නිවේදනයේ සඳහන් වනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද වාර්තා වනවා.

මේ අතර නාවික ප්‍රජාවට ද සුළං තත්ත්වය පිළිබඳ ව දැනුම්දීමක් සිදු කරනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර හෝ නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක පමණ අගයක් ගත හැකියි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 දක්වා වැඩි විය හැකි බව ද නිවේදනයේ දැක්වෙනවා.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?