අදත් ප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක්

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර පළාතේත් කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !