AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදන් වූ බව කී ජැක් මා යළි මතුවෙයි

අතුරුදන් වූ අලි බාබා සමූහයේ නිර්මාතෘ ජැක් මා වීඩියෝ ඇමතුමක් සමග සම්බන්ධ වී තිබේ.

ඔහු ග්‍රාමීය පාසල් ගුරුවරු 100 දෙනෙකු සමග පමණ දුරකථන සාකච්ඡාවක යෙදී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඔහු එම ඇමතුම මගින් පවසා ඇත්තේ, වසංගතය අවසන් වූ පසු අපි යළි හමු වෙමු කියා ය.

පසුගිය නොවැම්බර් මස සිට මේ දක්වා 56 හැවිරිදි ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේ ය.

ඔහු එලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේ චීන, කොටස් වෙළඳපොළ නියාමන ආයතනය විවේචනයට ලක් කරමින් කළ ප්‍රකාශයට අනතුරුවයි.

කෙසේ වෙතත් ඔහු අද දින පැවති වීඩියෝ සාකච්ඡාව සඳහා සහභාගී වූයේ කුමන ස්ථානයක සිට දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?