අතුරුදන් ධීවරයින් සොයන මෙහෙයුම් පුළුල් කරයි

පේදුරුතුඩුව සහ කාර්ට්කෝවලම් ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් 4 දෙනෙකු අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසනවා.

පසුගිය 27 වන දින රාත්‍රී 11 ට පමණ බෝට්ටු දෙකකින් මුහුදු ගිය ධීවරයින් තවමත් වෙරළට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේ ඇති වූ තද සුළං හේතුවෙන් ඔවුන් ගමන් කළ බෝට්ටු නැවත වෙරළට පැමිණීමට නොහැකි වන්නට ඇති බවට සැක කෙරනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ අවධානයට යොමුව ඇති අතර, අමාත්‍යවරයා වහාම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අමතා සෝදිසි මෙහෙයුම් කඩිනම් කිරීම සඳහා හදිසි උපදෙස් ලබා දී තිබෙනවා.

ඊට අමතරව, අද (29) උදෑසන ගුවන් හමුදාවේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුම් ද සිදු කරනු ලැබුවා.

තවද, අතුරුදහන් වූ ධීවරයින් පිළිබඳ තොරතුරු අසල්වැසි රටවල සමුද්‍ර ආරක්ෂක ඒකක වෙත යවා ඇති අතර, ජාත්‍යන්තර මට්ටමින් සෝදිසි මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් පවතින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57