අත් වැරදීමෙන් බෑගයට ගිය රිවෝල්වරය නිසා සෙනෙට් සභිකයෙකුට වැඩ වරදියි

අමෙරිකානු දේශපාලනඥයෙකු හොංකොහි දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම අද සිදු ව ඇත්තේ හොංකොං ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකානු වොෂින්ටන් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු ව කටයුතු කරන දේශපාලන නියෝජිතයෙකු මෙලෙස පොලිස් අත් අඩංගුවට පත් ව තිබෙනවා.

ඔහු ව අත්අඩංගුවට ගෙන ඇත්තේ හොංකොං ගුවන් තොටුපොළ හරහා තුවක්කුවක් රැගෙන යාමට එරෙහි වයි.

CNN මාධ්‍ය වාර්තා කරන්නේ එම සැකකරු විසින් සිය වරද හඳුන්වා ඇත්තේ “honest mistake” යනුවෙන් බවටයි.

අමෙරිකානු ජාතික ප්‍රාන්ත සෙනෙට් සභික ජෙෆ් විල්සන් නමැත්තාවයි මෙලෙස හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සතුව තිබී බලපත්‍ර රහිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

ඔහුට එරෙහිව ගොනු කෙරුණු චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ මෙම වරදට එරෙහිව වසර 14ක් තෙක් හෝ අමෙරිකානු ඩොලර් 12,000ක දඩයක් නියම කළ හැකි බවයි.

විල්සන් නමැති මෙම සැකකරු ෂා ටින් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතර ඔහුට ඇප ලබා දී ඇති බවත් වාර්තා වනවා.

රිපබ්ලිකන් ප්‍රාන්ත සෙනෙට් සභිකවරයෙකු වන (වොෂින්ටන් නියෝජිත) මෙම සැකකරුගේ සම්පූර්ණ නම ස්ටීවන් ජෙ.විල්සන් බවත්, ඔහුගේ බිරිඳ සති 05ක නිවාඩුවක් සඳහා අග්නිදිග ආසියාවට යමින් සිටියදී සිය පිස්තෝලය ඔහුගේ බෑගයේ අසුරා ඇති බවට තමන් නොදැන සිටි බවයි ප්‍රකාශ කර ඇත්තේ.

සිය නිල වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔහු කියා ඇත්තේ එය සත්‍ය වශයෙන් ම සිදු වූ අත් වැරැද්දක් බවත්, එම ගැටලුව ඉතා ඉක්මනින් විසඳෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

සැන් ෆ්රැන්සිස්කෝ සහ හොංකොං අතර පියාසර කිරීමට ඇති ගුවන් මගීන් රැඳී සිටින ප්‍රදේශයේ දී තම බෑගය පරීක්ෂා කිරීමේ දී මෙය සොයාගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?