අත් පා ගැටගැසූ කාන්තාවක් මහමග දමා ගිහින්

පාළු මාර්ගයක් අසල අත් පා ගැටගැසූ කාන්තාවක් දමාගොස් තිබූ සිද්ධියක් අම්පාරෙන් වාර්තා වනවා. මෙම තැනැත්තිය දුටු ප්‍රදේශවාසීන් පොලීසියට දැනුම්දීමෙන් පසුව ඇයව ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඊයේ (08) අලුයම් කාලයේදී ඇයව එලෙස දමා ගොස් ඇති බවය. රිමාලි ප්‍රනාන්දු නම් 31 හැවිරිදි ඇයව පසුගිය අගෝස්තු 28 වනදා කුලියාපිටිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් මුහුණට මිරිස්කුඩු ගසා ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !