අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක සහන මල්ලක්

පෙබරවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවරව තබාගැනීම සඳහා ව්‍යාපාරිකයින් සමග ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඉදිරි මාස තුනක් සඳහා මෙම ගිවිසුම ක්‍රියාත්මක වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියාසිටියේ.

ඒ අනුව රතු කැකුළු, සුදු කැකුළු, සුදු නාඩු, සම්බා, කීරි සම්බා , තිරුඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ, රතු පරිප්පු, ලොකු ළූණු (ඉන්දියන්), දේශීය අර්තාපල් , කඩල සහ වියලි මිරිස්, මෙලෙස ස්ථාවර මිලක් යටතේ අලෙවි කරන භාණ්ඩවලට අයත් වනවා.  

මීට අමතරව දේශීය ටින් මාලු,  ආනයනික ටින් මාලු, හාල්මැස්සන් (තායි), සම සහිත කුකුල් මස්, ලුණුකැට, කිරි පිටි, සෝයා තෙල්, රෙදි සෝදන සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර, මුඛ ආවරණ  යන භාණ්ඩ වර්ග 27 ක මේ ඒ අනුව ස්ථාවර මිලකින් ඉදිරි මාස තුනක් සඳහා පවත්වාගෙන යන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

මෙම ගිවිසුමේ මිල ගණන් වෙනස් කළ හැක්කේ විනිමය අනුපාතය වෙනස් වුවහොත් හෝ මෙම භාණ්ඩ සඳහා රජය බදු අය කළහොත් පමණයි. මෙම භාණ්ඩ අලෙවි කරනු ලබන්නේ ලංකා සතොස, සමුපකාර සහ Q shop මගින් පමණක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34