අත්අඩංගුවෙන් මිදී පළාගිය සැකකරු අල්ලන්න ගිය පොලිස් නිලධාරියා අතුරුදන් (වීඩියෝ)

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු අධිකරණයට රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේ පළා යාම හේතුවෙන් ඔහු ලුහුබැඳ ගිය පොලිස් කොස්තාපල්වරයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ජා-ඇල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරු අධිකරණයට රැගෙන යාමට පොලිස් රථයට නංවා ගැනීම සඳහා රැගෙන එමින් සිටියදීයි පලා ගොස් ඇත්තේ.

එම අවස්ථාවේ දී අත් මාංචු ද සමග සැකකරු පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ජාඇලට පැන පලා යාමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසක් ද සැකකරු අල්ලා ගැනීමට ඇළට පැන ලුහුබැඳ ගොස් තිබෙනවා.

එලෙස ඇලට පැන තිබූ ජා-ඇල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටි වයස අවුරුදු 26ක් වූ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස අතුරුදන්ව ඇතැයි සඳහන්.

අවිවාහකයකු වූ මෙම පොලිස් නිලධාරියා චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පලායාමට සුදානම් වූ සැකකරු අනෙකුත් නිලධාරීන් විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු බෝධිරාජරාම පාර පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ජා-ඇල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?