අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු යළි අධිකරණයට

ආගම්වලට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ දෙවන රිට් පෙත්සම විභාගයකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් මෙම විරෝධතා මතු කරනු ලැබුවා.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැනටමත් ගොනු කර ඇති අතර එය ලබන 28 වනදා කැඳවීමට නියමිතව ඇති බවයි.

එසේම තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා මෙම පෙත්සම්කරු මීට පෙර ද රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය ඔහු විසින්ම ඉල්ලා අස් කරගනු ලැබු බවත් ජනාධිපති නීතිඥවරයා සිහිපත් කළා.

එසේ තිබියදී පෙත්සම්කරු ලොව පුරා සංචාරය කරමින් ලන්ඩනයේ රැඳී සිට මෙරට අධිකරණය බලය අභියෝගයට ලක් කරමින් මේ ආකාරයෙන් පෙත්සම් ඉදිරිපත් කොට විමර්ශන කටයුතුවලට බාධා සිදු කරමින් සිටින බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ චෝදනා කර තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා ද කියා සිටියේ මෙම පෙත්සම නීතියට පටහැනි ආකාරයෙන් ගොනුකර තිබෙන හෙයින් එය වහාම නිෂ්ප්‍රභ කළ යුතු බවයි.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කාර ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියා.

එම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ජුලි මස 31 වන දාට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 31 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?