අත්අඩංගුවට ගන්න එපා කියමින් රාජිතගෙන් අධිකරණයට ඇපෑලක්

හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජූලි 18 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නොතීසි නිකුත් කළා.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුවහොත් අපේක්ෂිත ඇපයක් ඉල්ලා රාජිත සේනාරත්න මහතා ගොනු කළ ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම නොතීසිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසි අද (14) නිකුත් කරන ලද බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ ධීවර ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා සිවිල් කරුණක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමට නියමිත බවයි.

කිරින්ද ධීවර වරාය සුද්ද පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් වන කරුණක් පාදක කරගෙන මෙම විමර්ශනය සිදු කරන බවත්, ‘වැලි ගොවුවා’ නෞකාව යොදාගෙන කිරින්ද ධීවර වරායෙන් සුද්ද පවිත්‍ර කිරීමෙන් පසු අදාළ විදේශීය සමාගම මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් පවතින බවත් පැවසුවා.

එසේ සිවිල් කරුණක් පාදක කරගෙන නඩුවක් පවතින කටයුත්තක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිරපරාදේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින හෙයින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 18 වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?