ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (04) පැවති ගුරු – විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් -19 ආසාදිතයින් නොවන බවට ඇන්ටිජන් පරීක්ෂාවෙන් තහවුරු වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඒ අනුව එම සැකකරුවන් අද (05) අධිකරණයට ඉදිරිපත් කරන බවය.
මේ අතර ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් සිය විරෝධතාව අත්නොහරින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
25















