AFC Banner
Empty Ad
Empty Ad

අතහැර දැමූ බවට සැක කෙරෙන බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 700ක් පමණ (තෙත බර සහිත) ඩිංගි යාත්‍රා 02ක් ද සමග නාවික හමුදා භාරයට ගැනුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් කල්පිටිය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ අතහැර දමන ලද සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කෙරුණු බවයි.

එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබී උර 22ක අසුරන ලද බීඩී කොළ තොගය සොයා ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් සුරක්‍ෂිතව නාවික හමුදාව භාරයේ තැබෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?