AFC Banner
Empty Ad
Empty Ad

අතවර කරන්න ආ පුද්ගලයා කාන්තාවගේ පහරදීමෙන් මියයයි

තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේදී කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එම කාන්තාව කළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී සැකකරු මෙම කාන්තාව සිටි නිවසට ඇතුලුවී අතවර කිරීමට උත්සාහ කිරීමේදී ඇය මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහරදීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇය සිටි නිවසට පැමිණි මියගිය පුද්ගලයා බීමට ජලය ඉල්ලා ඇති අතර එය ලබාදීමට කාන්තාව කටයුතු කරන අවස්ථාවේ පිටුපසින් ගොස් වැළඳ ගැනීමට උත්සාහ කිරීමේදී පහරදීම සිදුවී ඇතැයි සඳහන්.

මියගොස් ඇත්තේ මොරකැටිආර ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුට පහරදීමෙන් අනතුරුව කාන්තාව සිද්ධිය පිළිබඳ තංගල්ල පොලිසියට පැමිණ පැමිණිලි කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර එම ස්ථානයේම ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

කාන්තාව පොලිස් භාරයට ගෙන ඇති අතර තංගල්ල පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?