අණ නොතැකු මෝටර් රථය පසුපස පැන්වූ සැරයන් අනතුරට ලක්වෙයි

අණ නොතකා පලා යමින් සිටි මෝටර් කාර් රථයක් පසු පස හඹා ගිය පොලිස් යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් පොලිස් සැරයන්වරයෙක් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

ඊයේ (05) රාත්‍රී 08.15 ට පමණ පාලාවිය – කල්පිටිය මාර්ගයේ කරඹ පාලම ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ පුත්තලම කොට්ඨාස රථ වාහන අංශයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන් වීරසිංහ නම් අයෙක්.

අනතුරට පත්ව ඇති පොලිස් සැරයන්වරයා පාලාවිය මංසන්ධියට ආසන්නයෙන් රථ වාහන රාජකාරියේ නිරතව සිට ඇති අතර එම අවස්ථාවේදී පාලාවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් නවත්වන ලෙසට ඔහු අණ කර තිබෙනවා.

නමුත් එම මෝටර් රථය පොලිස් අණ නොතකා පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

පලා යමින් තිබූ මෝටර් කාර් රථය අත්අඩංගුවට ගැනීම සදහා ඒ පසුපස හඹා යමින් සිටියදී පොලිස් යතුරු පැදිය කරඹ පාලමේදී අනතුරට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

රෝහල් ගත කර ඇති පොලිස් සැයන්වරයාගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

කෙසේ වෙතත් පොලිස් අණ නොතකා පලා ගොස් ඇති මෙම මෝටර් රථය තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
9
+1
9
+1
2
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07
Video thumbnail
නිවාඩු දිනයේදි බාහිර පන්ති පැවැත්වූ ගුරුවරු දෙදෙනෙකුට වැඩ වරදියි..පන්තිය නවතා - ළමයි ටික යවයි
01:27
Video thumbnail
හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම
01:05
Video thumbnail
"හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම..අපි කෞතුකාගාරයේ විතරයි දැකලා තියෙන්නේ"
01:30
Video thumbnail
මහජන ආරක්ෂක කමිටුව හරියට සක්‍රිය වුණොත් පොලිසියට වැඩ නැතිවෙනවා
02:54
Video thumbnail
D.V. චානක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..තෙල් ලංකාවට එන්න කළින් කොහොමද මිල වැඩි කළේ..?
06:39
Video thumbnail
ආණ්ඩු ප්‍රබලයෙක් ඉදිරියේ කාන්තාවක් කිව්ව සැර කතාව.."ඡන්ද ටික ගන්න නම් අනිවාර්යෙන් එනවා"
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට වටගලගෙන් රතු එළි..ඔබ විනාශ කරන්නේ රටේ ජනතාව
01:36
Video thumbnail
දිට්වා සුළිකුණාටුවෙන් පොඩි ගැස්සීමක් වුණා..බඩු මිල වැඩි වෙනවා..ඒක වළක්වගන්න බැහැ
03:27
Video thumbnail
නිරෝෂන් - විමල්ට හොඳම එකෙන් දෙසයි..සජිත් කියන්නේ අටලෝ දහමින්ම කම්පා නොවන නායකයෙක්..
06:13