අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000කට යල කන්නයේ දී දීමනාවක්

අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

අක්කරයකට වඩා අඩු කුඹුරු වගා කරන අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000ක් සඳහා රුපියල් 15,000 බැගින් වාරික දෙකක් යටතේ එක් පවුලකට රුපියල් 30,000ක මුදලක් ලබා දීමට එම නියෝජිතායතනය එකඟත්වය පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

USAID ආයතනය විසින් තෝරාගෙන ඇති පරිදි මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, හා මොණරාගල දිස්ත්‍රික්කවල අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් සඳහා මෙම සහනාධාර දීමනාව ලබා දීමට නියමිතයි.

මෙම ගොවි පවුල්වල ජීවන තත්ත්වයන් නඟා සිටුවීමේ අරමුණින් මෙම දීමනාව ලබා දෙන අතර පසුගිය මහ කන්නයේ දී යුරියා පොහොර මිටියක් බැගින් නොමිලයේ ලබා දුන් ගොවි පවුල් මේ සඳහා ඇතුළත් වනවා.

පසුගිය මහ කන්නය තුළ මෙරට ගොවි ජනතාවට එක් ගොවි පවුලකට රුපියල් එක්ලක්ෂ නවදහසක පමණ මුදලක් රජය හා වෙනත් අන්තර්ජාතික ආයතනවල සහයෝගයෙන් සහනාධාර වශයෙන් ලබා දී තිබෙනවා.

යූරියා පොහොර අඩු මිලට ලබා දීම, ඉන්ධන නොමිලයේ ලබා දීම, බන්ඩි පොහොර අවම මිලක් යටතේ ලබා දීම හා කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් 20,000ක් හා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදල් ලබාදීම, ‌ගොවි ගිණුම්වලට රුපියල් 10,000ක් හා 20,000ක් වශයෙන් මුදල් බැර කිරීම වැනි සහන ඊට අයත්.

රජය වැය කළ මුදල එක් කළ විට එක් ගොවියෙකුට රුපියල් එක් ලක්ෂ නවදහසක් වැනි මුදල් ප්‍රමාණයක් සහනාධාර වශයෙන් ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

වෙනත් කිසිදු වගා කන්නයක දී මේතරම් විශාල මුදල් ප්‍රමාණයක් ගොවි ජනතාව වෙත සහනාධාර වශයෙන් ලබා දී නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40