අඩු ආදායම්ලාභීන්ගේ අර්ධ වශයෙන් ඉදිකළ නිවාස සඳහා නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනක්

ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීමට 2027 වසරේ අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරිමේ අංශය ඇතුළු අමාත්‍යාංශ විෂය පථයට අයත් සියලු දෙපාර්තමේන්තු සහ ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් සහ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව මෙහිදී වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කෙරුණා.

විවිධ අමාත්‍යාංශ යටතේ එකම විෂයයට අදාළව ආයතන ගණනාවක් පැවතීම හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අකාර්යක්ෂමතාවක් ඇති වී තිබෙන බවත්, වසර ගණනාවකට පෙර විවිධ අරමුණු සහ අවශ්‍යතා මත පිහිටුවන ලද ආයතන තවදුරටත් පවත්වාගෙන යාමෙන් රජයට අමතර වැය බරක් දැරීමට සිදුව තිබෙන බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට කටයුතු කරන ලෙසද උපදෙස් දුන්නා.

එමෙන්ම මහනුවර – උතුර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, මහකොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය, අඹතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය, අනුරාධපුර – උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ජල ව්‍යාපෘතින්හි ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර දිවයින පුරා ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම වෙනුවෙන්, ඉතිහාසයේ වෙන් කරන ලද වැඩිම අයවැය ප්‍රතිපාදන 2027 වසරේදි වෙන් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙසත්, අඩු ආදායම්ලාභීන්ගේ අර්ධ වශයෙන් ඉදිකළ නිවාස සඳහා නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” රජයේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි වසරට අදාළ අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ ටිකක් පෙන්නලා චිත්‍රාල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
05:48
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:27
Video thumbnail
රෝමයේ තියෙන තානාපති කාර්යාලයේ වැසිකිළිය ගැන කිව්ව හෙක්ටර් - දැක්කම දුක හිතෙයි
04:25
Video thumbnail
ගොවියා මඩ සෝදාගෙන ගොඩට එනවට මේ ආණ්ඩුව කැමති නෑ
10:25
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:49
Video thumbnail
ගොවියන් වෙනුවෙන් පෙරට ආ විපක්ෂ නායක - ගොවි රජා ඡන්දෙන් පසු කසිප්පුකාරයා වුණා..Artificial ගොවියලු
10:07
Video thumbnail
ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනාගේ රු කෝටි 5.7ක දේපළ තහනම් කරයි
06:13
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08