spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමේ අවදානමක්

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නිර්මාණ වී ඇති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට වැසි ඇදහැලෙමින් පවතිනවා.

මෙම අඩුපීඩන කලාපය ඉදිරියේ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම තත්ත්වයත් සමඟ පවතින වැසි සහිත කාලගුණය ලබන 25 වනදා දක්වා පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අද (22) පෙරවරු 8.00න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ මිලිමීටර් 138.5ක වැඩිම වර්ෂාපතනයක් කුරුණෑගල, තම්පන ප්‍රදේශයෙන වාර්තා වුණා.

මේ අතර, පවතින වැසි තත්ත්වයත් සමඟ කළුතර, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?