අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ගැන විශේෂ පණිවුඩයක්

අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු බාර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන පුවත්පත් නිවේදන අද පුවත්පත්වල පළකර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

දිවයින පුරා ගෑස් උදුන් පිපිරි යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිවිල් ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා එම දැනුම් දීම සිදුකළේ.

එම පෙත්සම අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ අඩක් භාවිත කළ හා සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු භාරගන්නා ලෙස අධිකරණය විසින් මීට පෙර ගෑස් සමාගම් වෙත නියෝගයක් නිකුත් කර ඇතත් එම නියෝගය අදාළ සමාගම් විසින් උල්ලංඝනය කර ඇති බවයි. ඒ අනුව එවැනි ගෑස් සිලින්ඩර භාර ගැනීම ඇතැම් නියෝජිතයින් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවද ඔහු සඳහන් කලා.

එහෙත් එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බව සඳහන් කළ රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා, අඩක් භාවිත කළ හා සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු භාර ගැනීම සම්බන්ධයෙන් ගෑස් සමාගම් විසින් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඊට අදාළ පුවත්පත් නිවේදන අද පුවත්පත්වල පළ කර ඇති බවත් දන්වා සිටියා.

යම් නියෝජිතයකු එවැනි ගෑස් සිලින්ඩර භාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති බවත් රජයේ නීතිඥවරයා ප්‍රකාශ කලා.

මෙහිදී විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ, මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවයි. පෙත්සම වැඩිදුර සලකා බැලීම පෙබරවාරි මස 8 වන දා සිදුකිරීමට අධිකරණය නියම කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?