අජිත් රෝහණ මහතා දැඩි සත්කාර ඒකකයේ සිටින ආකාරයෙන් පලවන ඡායාරූපයේ ඇත්ත කතාව (වීඩියෝ)

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ මහතාගේ අසනීප තත්ත්වය වාර්තාවීමත් සමඟම ඇතැම් සමාජ මාධ්‍යවල පලවුණේ ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සමීපතමයන් තහවුරු කළේ අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පුවත අසත්‍යක් බවයි.

මේ අතර මේවනවිට සමාජ මාධ්‍යයන්හී අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ අපහසුවෙන් හුස්ම ගනිමින් සිටින ආකාරයේ ඡායාරූපයක් පලවනවා.

පොලිස් මිතුරෝ (2) නම් ශ්‍රී ලංකා පොලීසියට අදාළ පුවත් පලකරන ෆේස්බුක් කණ්ඩායමක (Group)කුමාර අයියා නමින් පුද්ගලයෙකු “ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ තත්වය මේ…”යනුවෙන් පහත සටහන පලකර තිබුණා.

කෙසේ වෙතත් අදාළ ඡායාරූපය පිළිබදව කළ සොයාබැලීමේදී වාර්තාවූයේ මෙම ඡායාරූපයේ සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නොව වෙනත් රටක පුද්ගලයෙකු බවයි.

ඔහුද කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිට මේ වන විට සුවය ලබා සිටින පුද්ගලයෙකු වන අතර ඔහු ටික්ටොක් යෙදුමේ (App) සක්‍රීය සාමාජිකයෙකුද වනවා.

ඒ අනුව tiago arieiv නැමැති මෙම පුද්ගලයා තමන් කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ ලබාගත් දර්ශන ටික්ටොක් යෙදුමට (App) වරින්වර එක්කර තිබුණා.

එම දර්ශන පහතින්.

Capture 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34