අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයට ළඟා වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බංග්ලාදේශයේ ඩකා අගනුවරට ළගා වී තිබෙනවා. ඒ සිය දෙදින බංග්ලාදේශ සංචාරය ආරම්භ කරමින්. අග්‍රාමාත්‍යවරයා ඩකා නුවර හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළගා වූ අවස්ථාවේ අගමැතිනි ෂීක් හසීනා ඇතුළු බංග්ලාදේශ රජයේ ඉහළ පෙලේ නිලධාරින් විසින් පිළිගනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 189 දරණ යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස අද උදෑසන බංග්ලාදේශය බලා නික්මුණා. එරට නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංග්ලාදේශ ජන රජයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ජන්ම ශත සංවත්සර සැමරුම් උළෙලට ද අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා මෙරටින් පිටව ගිය අවස්ථාවේ ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?