අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යයි

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම ඉතාලිය බලා පිටත්ව ගියා.

ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කලේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 649 ගුවන් යානයෙන් දූත පිරිස ඩුබායි බලා නික්ම ගිය බවයි.

බොලොඤ්ඤා විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට සහ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැළසුම් කර තිබෙනවා.

සංචාරයට අග්‍රාමාත්‍යවරයා සමග විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාද එක්ව සිටිනවා.

ඉතාලි අග්‍රාමාත්‍යවරයා මෙන්ම යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් මෙම ජාත්‍යන්තර උත්සවයටව සහභාගීවීමට නියමිතයි.

මෙම සමුළුවට සහභාගී වන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සමුළුවෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?