අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යයි

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම ඉතාලිය බලා පිටත්ව ගියා.

ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කලේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 649 ගුවන් යානයෙන් දූත පිරිස ඩුබායි බලා නික්ම ගිය බවයි.

බොලොඤ්ඤා විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට සහ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැළසුම් කර තිබෙනවා.

සංචාරයට අග්‍රාමාත්‍යවරයා සමග විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාද එක්ව සිටිනවා.

ඉතාලි අග්‍රාමාත්‍යවරයා මෙන්ම යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් මෙම ජාත්‍යන්තර උත්සවයටව සහභාගීවීමට නියමිතයි.

මෙම සමුළුවට සහභාගී වන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සමුළුවෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45