බීජිං හි පැවති 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සමගාමීව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ චීන අග්‍රාමාත්‍ය ලී කියැං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකා දූත පිරිසට සමුළුවට ආරාධනා කිරීම සහ සංචාරය පුරාවට ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් චීන රජයට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරණ බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා ඇත්තේ.
වෙළඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර හුවමාරු ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සම්බන්ධතාවය අවස්ථාවක් සපයන බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.
නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව ද ඇය අගමැති ලී කියැංට පැහැදිලි කළ අතර, රටේ ආර්ථික ප්‍රකෘතිය අතරතුර චීනයේ අඛණ්ඩ සහයෝගය පිළිගන්නා බවත් සඳහන් කර තිබෙනවා.
ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාවේ වැදගත්කම ඉස්මතු කරමින්, ජාතික හා කලාපීය සම්බන්ධතාවය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය සඳහන් කරමින්, තීරයක් සහ මාවතක් මුලපිරීම (BRI) යටතේ ක්‍රියාත්මක වන සහ යෝජිත ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අග්‍රාමාත්‍යවරිය මෙහිදී නැවත් තහවුරු කළා.





