අඛණ්ඩව 03 වන දිනටත් දෛනික ආසාදිතයින් 900 ඉක්මවයි

කොරෝනා ආසාදිතයින් නවසිය හතලිස් දෙදෙනෙකු ඊයේ වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 73,116 දක්වා ඉහළ ගොස් තිබෙනවා.අඛණ්ඩව තුන්වන දිනටත් මෙලෙස ආසාදිතයින් නව සියයේ සීමාව ඉක්මවා වාර්තා වීම විශේෂත්වයක්.ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 69,094 ක් වනවා.දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 6,526 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 567 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 66,211 ක් වනවා.එමෙන්ම, තවත් කොරෝනා මරණ 04 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 379 ක් දක්වා ඉහළ ගියා.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොවිඩ් නියුමෝනියාව, උග්‍ර දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පාකින්සන් රෝගී තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එසේම, කොවිඩ් නියුමෝනියාව සහ අධි රුධිර පීඩනය හේතුවෙන් කොටහේනේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් තිබෙනවා.  42 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති අතර, ඇයගේ මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් සමඟ උත්සන්න වූ පෙනහළු පිලිකා රෝගී තත්ත්වය, අධි රුධිර පීඩනය සහ උග්‍ර දියවැඩියාවයි.උඩතලවිල්ල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක්ද මහනුවර රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඇයගේ මරණයට හේතු වී තිබුණේ කොවිඩ් නියුමෝනියාව සමඟ ලේ විෂවීමේ කම්පනය සහ හෘදය අක්‍රීයවීමයි.කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා තවත් රසායනාගාර 04 ක් ස්ථාපිත කරන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පැවසුවේ.  මේ අතර, ගම්පහ නගරයේ වෙළඳසැල් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ නගරයේ ස්ථාන 05 ක පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ සිදුකෙරුණා.

එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 36 දෙනෙකු සඳහා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.එම පරීක්ෂණ සිදුකරනු ලැබුවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්නට පසුගියදා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.රජයේ මැදිහත්වීමකින් හෝ මුදලට ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45