අකිල ධනංජයට යළිත් ජාත්‍යන්තර කි‍්‍රකට් වරම්

අකිල ධනංජයට යළිත් ජාත්‍යන්තර කිි‍්‍රකට් පිටියට පිවිසීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නීත්‍යානුකූල බවට තහවුරුවීම හේතුවෙන්.

ඒ අනුව අකිල ධනංජයට ඉදිරියේ දී ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමට හැකියාව ලැබෙනු ඇති. ඔහුගේ පන්දුයැවීමේ නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ඉකුත් 22 වනදා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වෙත ලබාදී තිබුණා. එම වීඩියෝ දර්ශනවලට අනුව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවයි තහවුරු වී ඇත්තේ. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට අවස්ථා දෙකකදී තහවුරු වුණා.

ඒ 2018 වසරේ දෙසැම්බර් මාසයේදී සහ  2019 වසරේ සැප්තැම්බර් මාසයේදී යි. ඒ අනුව 2019 වසරේ සැප්තැම්බර් 19 වනදා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් වසරක කාලයක් අකිල ධනංජයට පන්දු යැවීමේ තහනමක් පනවනු ලැබුවා. යම් පන්දු යවන්නෙකු වසර දෙකක කාලයක් තුළ දී දෙවරක් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකින් අසමත් වුවහොත් ඔහුට මාස 12 ක් පන්දු යැවීමේ තහනමක් ජගත් කි‍්‍රකට් කවුන්සලය විසින් පනවනවා.

අදාළ වසරක තහනම ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දී අවසන් වූ අතර, ඒ අනුවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට අදාළ දර්ශන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වෙත ඉකුත්දා යොමුකර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34