spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අකාලයේ අවසන් සුසුම් හෙලූ පොලිස් නිලධාරියා

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ඉන්දන පිරවුම් හල ඉදිරිපිට 03 වෙනිදා රාත්‍රී 10:30 ට ම පමණ යුධ හමුදා ට්‍රක් රථයක, යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරෙන් යතුරුපැදිය ගමන්ගත් පොලොන්නරුව පොලීිසියට අනුයුක්තව රාජකාරි ය රටථවාහන අංශයේ පොලිස් නිලධාරියකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල ගල්තලාව අංක 103 ලිපිනයේ පදිංචිව සිටි 34 වියැති එක්දරු පියකු වන ආගර පොල ගෙදර සමීර ලක්රුවන් රත්නායක යන අයෙක්.

වැලිකන්දේ සිට මින්නේරිය දක්වා ගමන් කරමින් තිබූ හමුදා ට්‍රක් ට්‍රක් රථයේ, රාජකාරි කටයුතු නිමකර නිවස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
අනතුරට සම්බන්ධ යුධ හමුදා ට්‍රක් රියදුරු සහ එම ට්‍රක් රථය අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

මෙම අනතුරට හේතුව යුධ හමුදා ට්‍රක් රථය රියදුරුගේ නොසැලකිලිමත් ,හා අපරික්ෂාකාරී රිය ධාවනය බව මූලික පරීක්ෂණ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ගොසිප් ලංකා නිව්ස් මනම්පිටිය වාර්තාකරු නිමල් ජයරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?