අංගොඩ ලොක්කාගේ පොඩ්ඩා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් බව කියන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සගයෙකු බව කියන පුද්ගලයෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) පොලිසියට අවසර ලබා දුන්නා.

නීති විරෝධී ලෙස රටින් පලායාමට උත්සාහ කිරීමේ දී මෙම සැකකරු ඊයේ (28) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව මුල්ලේරියාව පොලිසිය විසින් ඔහු අද දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට පමුණුවනු ලැබුවා.

පොලිසිය අධිකරණය හමුවේ වාර්තාවක් ගොනු කරමින් සඳහන් කළේ මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියකට අදාළව අවශ්‍ය කරන පුද්ගලයෙකු බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරීම සඳහා මොහු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ සැකකරු මැයි මස 04 වනදා දක්වා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?