AFC Banner
AFC Banner
Empty Ad

හොරෙන් ගෙනා විදෙස් දුම්වැටි තොගයක් රාජසන්තක කෙරේ

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අද (05) අලුයම් කාලයේ දී ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු විසිනුයි අදාළ දුම්වැටි තොගය රැගෙනවිත් ඇත්තේ.

ඔහු විසින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

සැකකරු ගෙනා විදේශීය දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තිස් හතර ලක්ෂ පනස්දහසක් බවයි හෙළිව ඇත්තේ.

මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්.

සැකකරු විසින් රැගෙන එන ලද ගමන් මළු 02 තුළ තිබී විදේශීය නිෂ්පාදිත ‘ප්ලැටිනම්’ වර්ගයේ දුම්වැටි 23,000ක් අඩංගු දුම්වැටි කාටූන් 115 ක් සොයා ගැනුණා.

පසුව මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත්වා ඉන් අනතුරුව මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කිරීමටත්, මෙම ගුවන් මගියාට තරයේ අවවාද කර නිදහස් කිරීමටත් පියවර ගෙන ඇති බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?