හොරකමේ ගිහින් දියුණු වූ ‘පොතුවිල කලුවා’ අල්ලයි (ඡායාරූප)

පයාගල පොලිස් වසමේ සිදු වූ නිවාස බිඳුම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් ඊයේ (03) කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘පොතුවිල කලුවා’ නමින් හඳුන්වන 22 හැවිරිදි වියේ පසුවන්නෙක්.

ගෙවුණු වෙසක් සහ පොසොන් සමයේ සැකකරු විසින් මෙම සොරකම් රැසක් සිදුකර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා කිසිඳු රැකියාවක් නොකර දේපළ රැසක් රැස්කර ගැනීම සම්බන්ධයෙන් සැකසිතී මොහුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මොහු විසින් සොරාගන්නා ලද ලක්ෂ විස්සකට ආසන්න රන් භාණ්ඩ, ජංගම දුරකථන කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම රන් භාණ්ඩ විවිධ ප්‍රදේශවලට විකුණා තිබිය දී පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර, ඒවායින් බොහොමයක් උණුකර වෙනත් නිෂ්පාදන සඳහා යොදාගෙන තිබූ බවයි පොලිසිය පැවසුවේ.

සොරකමින් උපයා ගන්නා ලද මුදල් වලින් මිලදී ගත් අධික වටිනාකම ඇති යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර,සැකකරු අද (04) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?