හොරකමේ ගිහින් දියුණු වූ ‘පොතුවිල කලුවා’ අල්ලයි (ඡායාරූප)

පයාගල පොලිස් වසමේ සිදු වූ නිවාස බිඳුම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් ඊයේ (03) කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘පොතුවිල කලුවා’ නමින් හඳුන්වන 22 හැවිරිදි වියේ පසුවන්නෙක්.

ගෙවුණු වෙසක් සහ පොසොන් සමයේ සැකකරු විසින් මෙම සොරකම් රැසක් සිදුකර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා කිසිඳු රැකියාවක් නොකර දේපළ රැසක් රැස්කර ගැනීම සම්බන්ධයෙන් සැකසිතී මොහුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මොහු විසින් සොරාගන්නා ලද ලක්ෂ විස්සකට ආසන්න රන් භාණ්ඩ, ජංගම දුරකථන කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම රන් භාණ්ඩ විවිධ ප්‍රදේශවලට විකුණා තිබිය දී පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර, ඒවායින් බොහොමයක් උණුකර වෙනත් නිෂ්පාදන සඳහා යොදාගෙන තිබූ බවයි පොලිසිය පැවසුවේ.

සොරකමින් උපයා ගන්නා ලද මුදල් වලින් මිලදී ගත් අධික වටිනාකම ඇති යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර,සැකකරු අද (04) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. Good The question is out of so many thefts how many complaints recorded in the Genuine IB of this Police station. Most of the Police station they do not entertain complaints in the IB. At the end accused will escape from the case.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57