හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට කෙටි කෑම සහ රයිස්, කොත්තු මෙන්ම බත් පාර්සලයක මිල ඉහළ දමන බව
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමය අද (14) කොළඹ දී මධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, කෙටි කෑමවල මිල ගණන් රුපියල් 05කින් සහ රයිස්, කොත්තු, බත් පාර්සලයක මිල රුපියල් 15කින් ඉහළ දමන බවයි.
ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමඟ, මෙලෙස ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
