මාරාන්තික උපවාසයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට හෙට (13) දිනයේ දී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
හෙට (13) දින පෙරවරු 10.00ට එම ඒකකයට පැමිණ අදාළ ප්‍රකාශය ලබාදෙන ලෙසයි ලිඛිතව දැනුම් දී ඇත්තේ.
පසුගිය ඔක්තෝබර් මස 17 වනදා විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රය තුළ දී සත්‍යග්‍රහයේ දී ඇති වූ නොසන්සුන්තාවයේ දී පොලිස් නිලධාරින් විසින් තමන්ට පහරදුන් බවට මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව අදාළ ප්‍රකාශය ලබාදෙන ලෙස පැමිණෙන ලෙසයි උන්වහන්සේට දැනුම් දී ඇත්තේ.
