හිටපු රාජ්‍ය ඇමති පිල්ලෙයාන් යළිත් රිමාන්ඩ්

මඩකලපුවේදී පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා ඔක්තෝබර් 13 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී මෙම නඩුව කඳවු අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

පසුගිය 2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි හිදී දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂයේ සමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතීවු – කරෙයියක්කන්තිවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් කෲර ලෙස ඝාතනය කිරීම යන සිදුවීම් සම්බන්ධයෙන් මෙම නඩු විභාගය පැවැත්වෙනවා.