හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න රිමාන්ඩ්

බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ලබන පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

විශ්‍රාමික හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඊයේ රාත්‍රියේ වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊයේ රාත්‍රියේ මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ බීමතින් රිය පදවා තවත් වාහන තුනක් අනතුරට ලක් කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.

ඔහු බීමතින් රිය පැදවූ බවට පිළිගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.