හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාර තර්ජනයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු 05 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට ISIS ත්‍රස්තයින්ගේ මෙන් ම එල්.ටී.ටී.ඊ. සංවිධානවලින් මරණීය තර්ජන ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

උප සභාපතිවරයා පෙන්වා දෙන්නේ; අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු 05 වැනි විධායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ලබා දී සිටි ඉතිරි හමුදා නිලධාරීන් ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉවත් කරන ලද බවයි.

මහින්ද රාජපක්ෂ (හිටපු) ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාර සිටි පොලිස් අධිකාරි එම්. එස් ඩී වික්‍රමසිංහ මහතා විසින් ද 2024 ඔක්තෝබර් මස 10 වැනි දින ප්‍රභූ ආරක්ෂක කමිටුව විසින් ඉල්ලන ලද ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවටත්; එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ලබා දෙන ලෙස පැවසූ වාර්තාව යොම් කරනු ලැබුවා.

එම වාර්තාවේ දක්වා ඇත්තේ ලැබී ඇති බුද්ධි අංශ තොරතුරු 13ක් මත මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය විනාශ කිරීමට ඩ්‍රෝන සමග එක් කළ බෝම්බ ප්‍රහාරයක් ද සූදානම් කර ඇති බවයි.

එය ISIS ත්‍රස්ත සංවිධානය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවටත් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු 04ක දැක්වෙනවා.

එමෙන්ම ඊට අමතරව එල්.ටී.ටී. ඊ සහ පාතාල කල්ලි වෙතින් ද හිටපු ජනාධිපතිවරයා වෙත දරුණු ගණයේ ජීවිත තර්ජන එල්ල වී ඇති පසුබිමක පොලිස් ආරක්ෂාවක් පමණක් යොදවා සන්නද්ධ දැනුමින් සහ අත්දැකීමෙන් සපිරි හමුදා නිලධාරීන් රජයට වැඩි පිරිවැයක් යැයි පවසමින් ස්ථාන මාරු කර කඳවුරු වෙත යැවීම සිදු කළ ද රජයට ආදායමක් නො ලැබෙන බවයි නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසන්නේ.

එම යුද හමුදා නිලධාරීන් යුද හමුදා කඳවුරු වෙත යැවුව ද, ඔවුන්ට ලබා දිය යුතු වැටුප් සහ පහසුකම් අඛණ්ඩ ව සැපයිය යුතු බවත් හෙතෙම සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
47
+1
1
+1
4
+1
1
+1
6
Subscribe
Notify of
11 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56