spot_imgspot_img

හිටපු ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස යෙදූ අයෙකුට අත්හිටවූ සිර දඬුවම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් කූඨ ලේඛන සකස් කළ බව කියන රාජ්‍ය බැංකු නිලධාරියෙකු එම චෝදනාවට වරද පිළිගෙන තිබෙනවා.

මෙම බැංකු නිලධාරියාට දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු අත්හිටවූ සිරදඩුවම් නියම කිරීමටයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එක් චෝදනාවකට මාස 6 බැගින් චෝදනා දෙකට වසරක සිර දඬුවම වසර 05කට අත්හිටුවීමට නියම කෙරුණු අතර සැකකරුට රුපියල් 1500ක දඩයක් ද නියම කර තිබෙනවා.

වැඩ තහනමට ලක්ව සිටින මොහු යළි සේවයේ පිහිටුවීම සදහා ව්‍යාජ ලිපි ශීර්ෂයක ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඉදිරිපත් කිරීම චෝදනාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?