හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ වෙඩි තබා ඝාතනයේ තොරතුරු රැසක් එළියට (වීඩියෝ)

අම්බලන්ගොඩ, කන්ද මාවත ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වුණේ 2002 වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ බවයි තොරතුරු වාර්තා වුණේ.

මොහු දැනට විදේශ ගතව සිටින පතාල කල්ලි සාමාජික සුරංග මානවඩු නැමැත්තාගේ ගෝලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ධම්මික නිරෝෂණ නැමැත්තා නිවස ඉදිරිපිට රැඳී සිටි අවස්ථාවේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

41 හැවිරිදි වියේ පසු වූ ධම්මික නිරෝෂණ දෙදරු පියෙක් වන අතර ඔහු මෑතකදී ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පොලිසිය පවසන්නේ ඝතනයට ලක් වූ ධම්මික නිරෝෂණ අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් මීට පෙර චෝදනා ලැබ සිටි අයෙක් නොවන බවයි.

ඝාතනයට ලක් වූ ධම්මික නිරෝෂණ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහල වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පසුගිය කාලවකවානු තුළ අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීම කිහිපයක්ම වාර්තා වූ අතර, එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූවන්ගෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් ඉලක්ක කරගෙන මෑත කාලය තුළ එල්ල වූ වෙඩි ප්‍රහාරය මෙය බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Image 2024 07 16 at 11.30.53 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55