spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ඇමති රාජිතගේ විදෙස් ගමන් තහනම ඉවතට

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පණවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව අද මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්ත ඉල්ලා සිටියේ තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරුද්ධ වූයේ නැහැ.

ඒ අනුව අදාළ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා ඒ බව ආගමන හා විගමන බලධාරීන්ට දැනුම් දෙන ලෙසත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?