Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හැටන්, ලොතස් වතුයායේ නිවාස තුනකට පස් කඳු කඩා වැටීමෙන් එක් අයෙකු රෝහලේ

​පසුගිය නවවැනිදා (09) ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ හැටන්, ලොතස් වතුයායේ නිවාස තුනක් මතට පස් කඳු කඩා වැටීමෙන් ආපදා තත්ත්වයක් හටගෙන තිබෙනවා.

​එම නිවාස අතරින් එක් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමේදී පුද්ගලයෙකුගේ පාදයක් පස්වලට යටවීමෙන් තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවෙනවා.

​මේ වන විටත් අදාළ ප්‍රදේශයේ දැඩි අවදානම් තත්ත්වයක් පවතින බැවින්, ආපදාවට ලක් වූ නිවාස තුනෙහි පදිංචිකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පස් කන්දක් කඩා වැටීමෙන් යටපත්වුණු නිවාසවලින් ඉවත් කෙරුණු එම පිරිස් මේ වන විට ඥාති නිවාසවල රැඳී සිටිනවා.