හරක් කටාගේ මුදලට යටවූ පොලිසියේ 19 ක් සොයා විමර්ශන

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමග සමීප සබඳතා පවත්වමින් මුදල් ඉපැයූ බව කියන පොලිස් නිලධාරීන් 19 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත පොලිස් නිලධාරීන්ගෙන් වැඩි දෙනකු දකුණු පළාතේ රාජකාරි කරන නිලධාරීන් වන අතර හරක්කටා සමඟ පැවැත්වූ දුරකථන සංවාද මෙන්ම ඊට අදාළ හඬපට පවා මේ වනවිට සොයාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් පවසනවා.

මෙම පොලිස් නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව පවා සෙවීමට පොලිසිය රහසිගත විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?