හරක් කටාගේ පෙත්සමක් විභාගයට අවසර – අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි පොලිස් ඇමතිට නොතීසි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (01) දින අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් ලබන 16 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතිසි ද නිකුත් කළා.

හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරන විනිසුරු ඩී. එන්. සමරකෝන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙන බව සඳහන් කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තම සේවා දායකයාට එරෙහිව නඩු පැවරීමට කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා එම නඩුකරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් කියා සිටියා.

ඒ අනුව අදාළ නඩුකරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන එම නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15