හරක් කටාගේ පෙත්සමක් විභාගයට අවසර – අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි පොලිස් ඇමතිට නොතීසි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (01) දින අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් ලබන 16 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතිසි ද නිකුත් කළා.

හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරන විනිසුරු ඩී. එන්. සමරකෝන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙන බව සඳහන් කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තම සේවා දායකයාට එරෙහිව නඩු පැවරීමට කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා එම නඩුකරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් කියා සිටියා.

ඒ අනුව අදාළ නඩුකරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන එම නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19