හපුතලේත් නායයාමක් – ලුණුගල මාර්ගය තවදුරටත් වැසේ

හපුතලේ තන්ගමලේ වත්තේ නාය යාමක් සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මේ දිනවල එම මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව වැඩිවීමත් සමග මෙම නායයෑම් සිදු ව ඇති බවයි.

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මෙම වතු යායේ අංක 10 ලැයිම දැනට වසර ගණනාවක සිට
වරින් වර සිදු වන අධික වර්ෂාපතනය හේතුවෙන් පීඩාකාරී බලපෑම් රැසකට මුහුණ දී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අධික වර්ෂාපතනයක් සිදු වන විට දී එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ඉවත් කිරීමට සිදු වන බවයි.

මෙම නායයෑම අද උදෑසන 06 පමණ වන විට ද සිදු ව ඇතැයි පැවසෙනවා.

එම ප්‍රදේශයේ ජීවත් වන පවුල් 31ක් මේ වනවිට ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා.

මේ අතර අධික වර්ෂාවත් සමග ඊයේ රාත්‍රියේ දී නායයෑමට ලක් වූ බදුල්ල – ලුණුගල මාර්ගය තවදුරටත් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

අධික වර්ෂාවත් සමග නාය යෑමෙන් අවහිර වූ බදුල්ල – චෙන්කලඩි මාර්ගයේ ලුණුගල හා බිබිල අතර කොටස
ඉදිරියටත් දැනුම්දෙන තුරු වසා දැමෙන බවයි නිවේදනය කර ඇත්තේ.

බදුල්ල – ලුණුගල ප්‍රදේශයේ කිරමණාගොඩ 31 ප්‍රදේශයෙන් මාර්ගයට ඇදවැටී තිබෙන ගල් හා පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බැවින්, ඊට මහත් පරිශ්‍රමයක් ද යෙදීමට සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසා ගල් හා පස් කඳු ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද බිබිල පොලිසිය රථ වාහන ධාවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48