spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හපුතලේත් නායයාමක් – ලුණුගල මාර්ගය තවදුරටත් වැසේ

හපුතලේ තන්ගමලේ වත්තේ නාය යාමක් සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මේ දිනවල එම මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව වැඩිවීමත් සමග මෙම නායයෑම් සිදු ව ඇති බවයි.

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මෙම වතු යායේ අංක 10 ලැයිම දැනට වසර ගණනාවක සිට
වරින් වර සිදු වන අධික වර්ෂාපතනය හේතුවෙන් පීඩාකාරී බලපෑම් රැසකට මුහුණ දී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අධික වර්ෂාපතනයක් සිදු වන විට දී එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ඉවත් කිරීමට සිදු වන බවයි.

මෙම නායයෑම අද උදෑසන 06 පමණ වන විට ද සිදු ව ඇතැයි පැවසෙනවා.

එම ප්‍රදේශයේ ජීවත් වන පවුල් 31ක් මේ වනවිට ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා.

මේ අතර අධික වර්ෂාවත් සමග ඊයේ රාත්‍රියේ දී නායයෑමට ලක් වූ බදුල්ල – ලුණුගල මාර්ගය තවදුරටත් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

අධික වර්ෂාවත් සමග නාය යෑමෙන් අවහිර වූ බදුල්ල – චෙන්කලඩි මාර්ගයේ ලුණුගල හා බිබිල අතර කොටස
ඉදිරියටත් දැනුම්දෙන තුරු වසා දැමෙන බවයි නිවේදනය කර ඇත්තේ.

බදුල්ල – ලුණුගල ප්‍රදේශයේ කිරමණාගොඩ 31 ප්‍රදේශයෙන් මාර්ගයට ඇදවැටී තිබෙන ගල් හා පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බැවින්, ඊට මහත් පරිශ්‍රමයක් ද යෙදීමට සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසා ගල් හා පස් කඳු ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද බිබිල පොලිසිය රථ වාහන ධාවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?